අද එහෙනම් බලමු මෝටරයක කොහොමද විදුලි සම්භන්ධතාවන් හොයා ගන්නේ
කියලා.මෙයනම් විදුලි කාර්මිකයන් හට ගොඩාක් වැදගත් වෙයි කියල
හිතනවා.හිතන්නකෝ single phase මොටරයන් වල තියෙනවා starting winding සහ running winding ඔය winding කොටස් දෙක අපිට පුලුවන් මෝටරයක්
විවුර්ත කර පහල රූපය සැසදීමෙන් ලෙහෙසියෙන් සොයා ගන්නට පුලුවන්.
හැබැයි ඉතින් ඔය විදියට හැම මොටරයක්ම ගලව ගලවා බලන්න යැයි.කෙනෙකුට හිතෙන්න පුලුවන් මොටරයක සම්බන්දතා ටික කොලයක සටහන් කරගෙන නඩත්තු කටයුත්ත පටන් ගත්තානම් හරිනේ කියලා.ඔව් ඒක හරි නමුත් හිතමුකෝ කිසිම සටහනක් නැතිව නිකම්ම නිකන් සම්බන්දතා අග්‍ර 03 ක් විතරක් තියන මොටරයක් ඔයාලට හම්බ උනා විදුලිය ලබා දීලා ක්‍රියා කරවන්න..ඔන්න ජරමරේ දැන් කොහොමද ඕකේ starting/running winding වල අග්‍ර හොයාගෙන capacitor සම්බන්ද කරල මෝටරය ක්‍රියා කරවන්නේ.
මම දැන් ඔයාලට කීවනේ අග්‍ර 03 ක් ගැන කතාවක් ඕක සමහරක් මෝටර වල අග්‍ර 04 ක් වන්නත් පුලුවන් එක වෙන්නේ මෙන්න මේ විදියටයි ඒ කියන්නේ මෙහෙමයි starting/running winding යනු පුර්නවසයෙන්ම වෙන්ව ඔතන ලද කොටස් දෙකකි..එම නිසා ඒ එක් එක් එතුම් සදහා එතුමේ පටන් ගැන්ම අවසානය යනුවෙන් අග්‍රයන් ඇත ඉතින් ඔය අග්‍රයන් සමහරක් මෝටරයන්ගේ starting/running winding වල එතුමේ පටන් ගැන්ම අවසානය අවශය්ය තාවටයට උමනා දිසාවට බ්‍රමණයවීම සදහා මෝටරයේ අබ්යන්ත්‍රයේදීම starting/running winding වල අග්‍ර සැකසුම් කොට starting/running winding දෙකටම පොදු එක් අග්‍රයක්ද අනෙක් starting/running winding වල අග්‍ර දෙකද ලෙස සකසා මෝටරයෙන් බහිරට ලබා දී ඇත.එම අග්‍රයන්ට සම්බන්ද වන ආකාරයද රූපය නිරීක්ශණයෙන් ඔබට එය වටහා ගත හැක.
මේ ආකාරයට අබ්යන්ත්‍රයේදීම අග්‍ර සම්බන්ධතා ඇති මෝටරයන්ට නිදසුන් කිහිපයක් දක්වා ඇත එනම් වතුර මෝටර,විදුලි පන්කා (sealing fan,pedestal fan)
ඔබට පැහැදිලි ඇතැයි මම සිතනවා.මී ලගට පහලින් දක්වා තියනවා අග්‍ර 04 ක් සහිත මෝටරයක එහි අග්‍ර සම්බන්දතාවන් වෙන වෙනම තිබෙන බැවින් අපට උවමනා දිසාවට බ්‍රමණය වීමට අපට බහිර සබදතා සැකැසීමෙන් සකසා ගත හැකි
දැන් ඔබට ඉහත රූප සටහන් මගින් පැහැදිලි ඇති මෝටරයක ඇතුලත ඇති එතුම් වල අග්‍ර සම්බන්දතා සම්බන්දව.අපි බලමු කොහොමද මෙම එතුම් කිසිදු සටහනක් නොමැති අවස්තාවකදි එම අග්‍ර multi meter යොදාගෙන සොයා ගන්නා ආකාරය ඒ සදහා multi meter එක අඩුම ohm පරාසයට සකසා ගන්න ඉන් පස්සේ ඉහත කී මෝටරයේ අග්‍ර 03 ඔබට කැමති ලෙසට 1,2,3 යනුවෙන් නම් කරගන්න.එසේ නම් කරගත් අග්‍ර වල මගින් ලබා ගත් ඕම් අගයන් සහ ඒ අගයන් ලබා ගත් ආකාරය උදාහරණයක් මගින් පහතින් දක්වා ඇත.
1 TO 2 =06 ohm
2 TO 3 =08 0hm
3 TO 1 =12 ohm
දැන් ඔය ඕම් අගයන් සහ නම් කල අග්‍රයන් ටික මෙන්න මේ ආකාරයට ත්‍රිකෝණයක පිහිටන ලෙසට කොලයක සටහන් කරගන්න
දැන් හරි මීලගට ඔය ත්‍රිකෝණය හොදින් බලා මෙන්න මේ විදියට ඕම් අගය වැඩි අගයේ සිට අඩු අගය දක්වා එනම් ත්‍රිකෝණයේ
1 සහ 3 අග්‍ර අතර 12 ohm එයට ඉදිරිපස අග්‍රය = 2
3 සහ 2 අග්‍ර අතර 08 ohm එයට ඉදිරිපස අග්‍රය = 1
2 සහ 1 අග්‍ර අතර 06 ohm එයට ඉදිරිපස අග්‍රය = 3
දැන් ඉතින් ඔය සොයා ගත් අග්‍රයන් මේ ලෙසට නම් කරගන්න.
1 අග්‍රය = ඇරබුම් අග්‍රය (Starting terminal )
2 අග්‍රය = පොදු අග්‍රය ( Common terminal )
3 අග්‍රය = දිවුම් අග්‍රය ( Running terminal )
ඔන්න ඉතින් වැඩේ ඉවරයි.මෙය මම හොදින් මෝටරයක පරික්ශා කර බලලා තම ඔබට මම ඉදිරිපත් කලේ.ඔයාලත් මේ ක්‍රමය අධයයනය කර බලන්නකෝ...