06 March, 2013

මෝටරයක අග්‍රයන් හදුනා ගනිමු..

අද එහෙනම් බලමු මෝටරයක කොහොමද විදුලි සම්භන්ධතාවන් හොයා ගන්නේ කියලා.මෙයනම් විදුලි කාර්මිකයන් හට ගොඩාක් වැදගත් වෙයි කියල හිතනවා.හිතන්නකෝ single phase මොටරයන් වල තියෙනවා starting winding  සහ running winding ඔය winding කොටස් දෙක අපිට පුලුවන් මෝටරයක් විවුර්ත කර  පහල රූපය සැසදීමෙන් ලෙහෙසියෙන් සොයා ගන්නට පුලුවන්.













     

 හැබැයි ඉතින් ඔය විදියට හැම මොටරයක්ම ගලව ගලවා බලන්න යැයි.කෙනෙකුට හිතෙන්න පුලුවන් මොටරයක සම්බන්දතා ටික කොලයක සටහන් කරගෙන නඩත්තු කටයුත්ත පටන් ගත්තානම් හරිනේ කියලා.ඔව් ඒක හරි නමුත් හිතමුකෝ කිසිම සටහනක් නැතිව නිකම්ම නිකන් සම්බන්දතා අග්‍ර 03 ක් විතරක් තියන මොටරයක් ඔයාලට හම්බ උනා විදුලිය ලබා දීලා ක්‍රියා කරවන්න..ඔන්න ජරමරේ දැන් කොහොමද ඕකේ starting/running winding වල අග්‍ර හොයාගෙන capacitor සම්බන්ද කරල මෝටරය ක්‍රියා කරවන්නේ.

       මම දැන් ඔයාලට කීවනේ අග්‍ර 03 ක් ගැන කතාවක් ඕක සමහරක් මෝටර වල අග්‍ර 04 ක් වන්නත් පුලුවන් එක වෙන්නේ මෙන්න මේ විදියටයි ඒ කියන්නේ මෙහෙමයි starting/running winding  යනු පුර්නවසයෙන්ම වෙන්ව ඔතන ලද කොටස් දෙකකි..එම නිසා ඒ එක් එක් එතුම් සදහා එතුමේ පටන් ගැන්ම අවසානය යනුවෙන් අග්‍රයන් ඇත ඉතින් ඔය අග්‍රයන් සමහරක් මෝටරයන්ගේ starting/running winding  වල  එතුමේ පටන් ගැන්ම අවසානය අවශය්ය තාවටයට උමනා දිසාවට බ්‍රමණයවීම සදහා මෝටරයේ අබ්යන්ත්‍රයේදීම starting/running winding  වල අග්‍ර සැකසුම් කොට starting/running winding දෙකටම පොදු එක් අග්‍රයක්ද අනෙක් starting/running winding වල අග්‍ර දෙකද ලෙස සකසා මෝටරයෙන් බහිරට ලබා දී ඇත.එම අග්‍රයන්ට සම්බන්ද වන ආකාරයද  රූපය නිරීක්ශණයෙන් ඔබට එය වටහා ගත හැක.



 මේ ආකාරයට අබ්යන්ත්‍රයේදීම අග්‍ර සම්බන්ධතා ඇති මෝටරයන්ට නිදසුන් කිහිපයක් දක්වා ඇත එනම් වතුර මෝටර,විදුලි පන්කා (sealing fan,pedestal fan)
   ඔබට පැහැදිලි ඇතැයි මම සිතනවා.මී ලගට පහලින් දක්වා තියනවා අග්‍ර 04 ක් සහිත මෝටරයක එහි අග්‍ර සම්බන්දතාවන් වෙන වෙනම තිබෙන බැවින් අපට උවමනා දිසාවට බ්‍රමණය වීමට අපට බහිර සබදතා සැකැසීමෙන් සකසා ගත හැකි

        දැන් ඔබට ඉහත රූප සටහන් මගින් පැහැදිලි ඇති මෝටරයක ඇතුලත  ඇති  එතුම් වල අග්‍ර සම්බන්දතා සම්බන්දව.අපි බලමු කොහොමද මෙම එතුම් කිසිදු සටහනක් නොමැති අවස්තාවකදි එම අග්‍ර multi meter යොදාගෙන සොයා ගන්නා ආකාරය ඒ සදහා multi meter  එක අඩුම ohm පරාසයට සකසා ගන්න ඉන් පස්සේ ඉහත කී මෝටරයේ අග්‍ර 03 ඔබට කැමති ලෙසට 1,2,3 යනුවෙන් නම් කරගන්න.එසේ නම් කරගත් අග්‍ර වල මගින් ලබා ගත් ඕම් අගයන් සහ ඒ අගයන් ලබා ගත් ආකාරය  උදාහරණයක් මගින් පහතින් දක්වා ඇත.


1   TO   2       =06 ohm

2    TO  3       =08 0hm
 
3    TO  1       =12 ohm

 දැන් ඔය ඕම් අගයන් සහ නම් කල අග්‍රයන් ටික මෙන්න මේ ආකාරයට ත්‍රිකෝණයක පිහිටන ලෙසට කොලයක සටහන් කරගන්න



දැන් හරි මීලගට ඔය ත්‍රිකෝණය හොදින් බලා මෙන්න මේ විදියට ඕම් අගය වැඩි අගයේ සිට අඩු අගය දක්වා එනම් ත්‍රිකෝණයේ

1 සහ 3 අග්‍ර අතර 12 ohm  එයට ඉදිරිපස අග්‍රය = 2
3 සහ 2 අග්‍ර අතර 08 ohm  එයට ඉදිරිපස අග්‍රය = 1
2 සහ 1 අග්‍ර අතර 06 ohm  එයට ඉදිරිපස අග්‍රය = 3

 දැන් ඉතින් ඔය සොයා ගත් අග්‍රයන් මේ ලෙසට නම් කරගන්න.

1 අග්‍රය = ඇරබුම් අග්‍රය (Starting terminal )
2 අග්‍රය = පොදු අග්‍රය   ( Common terminal )
3 අග්‍රය = දිවුම් අග්‍රය   ( Running terminal )

ඔන්න ඉතින් වැඩේ ඉවරයි.මෙය මම හොදින් මෝටරයක පරික්ශා කර බලලා තම ඔබට මම ඉදිරිපත් කලේ.ඔයාලත් මේ ක්‍රමය අධයයනය කර බලන්නකෝ...




01 March, 2013

ට්‍රිප් ස්විචය හොහොමද වැඩ කරන්නේ .....

 මම අද කියලා දෙන්න යන්නේ ට්‍රිප් ස්විචය නැතහොත් RCD (Residual Current Device) කොහොමද වැඩ කරන්නේ සහ එමගින් අපට විදුලි සැර වැදීමකදී ආරක්ෂාව ලබලා දෙන අකාරය ගැන. හ්ම් අපි මුලින්ම බලමු ට්‍රිප් ස්විචයේ ඇතුලත පරිපථ රූප සටහනක් ඒ  පිලිබද ඔබට යම් අවබෝධයක් එමගින් ලබා ගත හැකියි..








 



1. Electromagnet with help electronics
2. Current transformer secondary winding
3. Transformer core
4. Test switch
L . live conductor
N . neutral conductor.


 මුලින්ම මේ පරිපථ රූප සටහන පැහැදිලි කිරිමට ප්‍රතම යමක් කිව යුතුයි.මෙම රූප සටහනේ එක් එක් කොටස් දමා ඔබට පෙන්වා දී ඇත නමුත් මා පැදිලි කිරීමේ පහසුව සදහා අදාල කොටස සහ එහි අනෙකුත් යාන්ත්‍රික කොටස් පිලිබදවද පැහැදිලි කරන්නෙමි..

1. මෙම කොටස මගින් සිදුවනුයේ 2.Current transformer secondary winding මගින් ලබා දෙන විදුලි ධාරව ලබා ගෙන එම ධාරාව ඉලෙක්ට්‍රෝනික පරිපථක්  මගින් වර්දන කොට චුම්බක ශක්තිය උපයෝගී කරගෙන ක්‍රියාකරන ලීවරක් වෙතට ලබා දෙනුලබයි

2,3. මෙම කොටස් මගින් සිදුවනුයේ L . live conductor සහ N . neutral conductor තුලින් ගමන් කරන විදුලි ධාරාවේ සිදුවන වෙනස්කම් හදුනාගෙන එම ධාරාව උපයෝගි කරගෙන  2.Current transformer secondary winding තුල විදුලි ධාරවක්උත්පාදනය කොට 1.Electromagnet with help electronics කොටස වෙත සැපයීම සිදු කරයි.

4. මේමගින් සිදුවන්නේ ට්‍රිප් ස්විචය ක්‍රියාකාරී තත්වයේ තිබේද පිලිබදව අපට තහවුරු කරගැනීමට ඉඩ සලසා දීමයි

                        හ්ම්...එහෙනම් බලමු කොහොමද මේ කොටස් ටික එකතුවෙලා ට්‍රිප් ස්විචය ක්‍රියා කරන්නේ කියල.ඔයාලට පෙනෙනවනේ ඉහල රූපයේ in put පැත්ත ඔන්න ඔය පැත්තෙන් විදුලිය ඇතුල් වෙලා පහළ Load පැත්තෙන් තමා බාවිතයට විදුලිය බෙදහරින්නේ..ඔය අතර තුර 2. Current transformer secondary winding කොටස (මෙය ෆෙරයිට් හෝ තඹ කම්බි යොදාගෙන සෑදු රවුම් මුදුවක් වැනි කොටසකි )ඔය හරහා ගමන් කරන L . live conductor සන්නයක කම්බිය තුල N . neutral conductor.සාපෙක්සව වෝල්ටීයතාව 230V යැයි සිතන්න..එසේ ගමන් කරන සන්නායකයේ බාහිරින් හටගන්නා චුම්බක ක්සේත්‍රය මගින් යම් විදුලියක් ප්‍රේරණය වනවා 2. Current transformer secondary winding , 3. Transformer core කොටස් වලට හරි දැන් බලන්න රූපයේ එම සන්නායකයට සමාන්තරව N . neutral conductor.සන්නායකයත් ගමන් කර ඇති බව පෙනෙන්ට ඇත. එම සන්නායකයේ වෝල්ටීයතාව 0V යැයි සිතන්න එනම් උදාසීනයි.මේ හේතුවෙන් L . live conductor සන්නායකයේ චුම්බක ක්සේත්‍රයේ තිව්‍රරතාවය සුන්ය්ය කරනු ලබන නිසාවෙන් 2.3 කොටස් තුල යම් ධාරවක් උත්පාදනය වීම  වලක්වා සිටී..  එම සමපාත තත්වය නිසා ට්‍රිප් ස්විචය සාමාන්ය තත්වයෙන් පවතී.යම් හෙයකින් මෙම සමපාත තත්වය බිද වැටුනහොත් ට්‍රිප් ස්විචය ක්‍රියා කරන බව පැහැදිලියි නේද.මම ඔය ඉහත කී ක්‍රියාවලිය මගින් තමා ට්‍රිප් ස්විචය ක්‍රියා කරන්නේ.
            දැන් අපි බලමු මෙය විදුලි පරිපථයක ආරක්ශාව සදහා ක්‍රියා කරන අයුරු සාමාන්යයෙන් නිවසක විදුලි පරිපතයට විදුලිය බෙදාහරිනු ලබන්නේ මෙයින් ස්විචය, ට්‍රිප් ස්විචය හරාහාත් ඉන් පසුව අදාල පරිපථයේ MCB (Miniature Circuit Breaker) හරහා නිවස තුල ඇති උප පරිපථ වෙත විදුලිය බෙදාහරිනු ලබයි.යම් පරිපථයක ඇති ප්ලග් බේසයක විදුලි ස්ත්‍රික්කයක් සවිකොට පාවිච්චියට ගනුලබනවා කියල සිතමු යම් දෝෂයක් නිසා විදුලි කාන්දුවක් සිදුවුවහොත් එම විදුලිය ස්ත්‍රික්කයේ බාහිර ලෝහ ආවරණය වෙත කාන්දු වෙයි.එසේ කාන්දු වුනු විදුලිය ලෝහ ආවරණයේ සිට ප්ලග් බේසයටත් එහි සිට නිසියාකාරව අර්ත් කොට ඇත්දැයි පරික්ෂා කිරීමට මෙතැන බලන්න.එසේ ඇත්නම් අර්ත් කොට ඇති ස්තානය දක්වා ගමන් කොට පොළොව කරා යනුලබයි ඔන්න ඔය අවස්තාවෙදි ට්‍රිප් ස්විචය ක්‍රියා කොට මුලු නිවසේම විදුලිය නවතා දමයි.එසේ වන්නේ මා ඉහතින් කී ට්‍රිප් ස්විචයේ 3. Transformer core කොටස හරහා තිබෙන L . live conductor සහ N . neutral conductor. අතර ඇති සමපාත තත්වය බිද වැටීමෙනි එනම් L . live conductor ලැබෙන විදුලිය බාහිර පරිපථයක් සමග සම්බන්ද වීමෙනි..
     මෙහිදී බාහිර පරිපථයක් යනු ට්‍රිප් ස්විචය හරහා  ඇති L . live conductor අතර  N . neutral conductor. නොමැතිව L . live conductor සහ පොළොව අතර විදුලි පරිපථයක් සාදා ගැනීමයි.(දැනට ඔබ සිහියේ තබා ගන්න N . neutral conductor. සහ පොළොවත් එක හා සමාන බව මෙය පසුව පහදා දෙන්නම්).

 මී ළගට සිතන්න යම් හෙයකින් ඉහත ස්ත්‍රික්කයේ ලෝහ ආවරණය සහ පොළොව අතර ඇති සම්බන්දතාව බිද වැටී තිබුනහොත් යම් ලෝහ ආවරණය අප විසින් ස්පර්ෂ කලහොත් එම කාන්ට්ඩු විදුලිය අප ශරීරය හරහා ගමන් කොට බාහිර පරිපථය සම්පූරණ වීමෙන් ට්‍රිප් ස්විචය ක්‍රියා කොට විදුලිය ඇණ හිටිනු ලබයි.ඔය ක්‍රියාවලිය සිදුවන්නට ගත වන්නේ මිලී තප්පර ගණනක් උවද එය අපේ ශරීරයට වේදනා කාරීව දැනෙනවා.නමුත් පහතින් දක්වා ඇති කාරණා මත එනම් ට්‍රිප් ස්විචය

   1. ක්‍රියාකාරී වන සංවේදීතාව 30mA වඩා වැඩි උවහොත්
   2. ක්‍රියාකාරී ගත වන කාලය වැඩි උවහොත්
   3. ස්විචයේ යාන්ත්‍රික කොටස් වල දුර්වලතාවයන්

      විදුලි සැර වදින පුද්ගලයාගේ ජීවිතයට උවත් හානියක් සිදු වීමට ඉඩ ඇති බව හොදින් මතකයේ තබා ගන්න..ඒ නිසා ඔබේ නිවසේ විදුලි පරිපථයට හොද වර්ගයේ කර්යයක්ෂම ට්‍රිප් ස්විචයක් වගේම නිවසේ ඇති සියලු ප්ලග් බේසයන් මෙන්ම බාවිතයට ගනු ලබන සියලු විදුලි උපකරණයන්ගේ අර්ත් සන්නායකයන් හරිහැටි තිබේදැයි පරික්ෂා කරගන්න..එය ඔබ සැමගේම ආරක්ෂවට මහත් පිටුවහලක් වනු ඇත..
       තවත් මෙවැනි විදුලිය සම්බන්ද කරුනක් සමගින් හමුවෙමු. ඔබගේ අදහස් , මතයන් වගේම මෙහි අපැහැදිලි තැන් කොමෙන්ටුවකින් දන්වන්න...




 
Snow-Falling-Effect