01 March, 2013

ට්‍රිප් ස්විචය හොහොමද වැඩ කරන්නේ .....

 මම අද කියලා දෙන්න යන්නේ ට්‍රිප් ස්විචය නැතහොත් RCD (Residual Current Device) කොහොමද වැඩ කරන්නේ සහ එමගින් අපට විදුලි සැර වැදීමකදී ආරක්ෂාව ලබලා දෙන අකාරය ගැන. හ්ම් අපි මුලින්ම බලමු ට්‍රිප් ස්විචයේ ඇතුලත පරිපථ රූප සටහනක් ඒ  පිලිබද ඔබට යම් අවබෝධයක් එමගින් ලබා ගත හැකියි..








 



1. Electromagnet with help electronics
2. Current transformer secondary winding
3. Transformer core
4. Test switch
L . live conductor
N . neutral conductor.


 මුලින්ම මේ පරිපථ රූප සටහන පැහැදිලි කිරිමට ප්‍රතම යමක් කිව යුතුයි.මෙම රූප සටහනේ එක් එක් කොටස් දමා ඔබට පෙන්වා දී ඇත නමුත් මා පැදිලි කිරීමේ පහසුව සදහා අදාල කොටස සහ එහි අනෙකුත් යාන්ත්‍රික කොටස් පිලිබදවද පැහැදිලි කරන්නෙමි..

1. මෙම කොටස මගින් සිදුවනුයේ 2.Current transformer secondary winding මගින් ලබා දෙන විදුලි ධාරව ලබා ගෙන එම ධාරාව ඉලෙක්ට්‍රෝනික පරිපථක්  මගින් වර්දන කොට චුම්බක ශක්තිය උපයෝගී කරගෙන ක්‍රියාකරන ලීවරක් වෙතට ලබා දෙනුලබයි

2,3. මෙම කොටස් මගින් සිදුවනුයේ L . live conductor සහ N . neutral conductor තුලින් ගමන් කරන විදුලි ධාරාවේ සිදුවන වෙනස්කම් හදුනාගෙන එම ධාරාව උපයෝගි කරගෙන  2.Current transformer secondary winding තුල විදුලි ධාරවක්උත්පාදනය කොට 1.Electromagnet with help electronics කොටස වෙත සැපයීම සිදු කරයි.

4. මේමගින් සිදුවන්නේ ට්‍රිප් ස්විචය ක්‍රියාකාරී තත්වයේ තිබේද පිලිබදව අපට තහවුරු කරගැනීමට ඉඩ සලසා දීමයි

                        හ්ම්...එහෙනම් බලමු කොහොමද මේ කොටස් ටික එකතුවෙලා ට්‍රිප් ස්විචය ක්‍රියා කරන්නේ කියල.ඔයාලට පෙනෙනවනේ ඉහල රූපයේ in put පැත්ත ඔන්න ඔය පැත්තෙන් විදුලිය ඇතුල් වෙලා පහළ Load පැත්තෙන් තමා බාවිතයට විදුලිය බෙදහරින්නේ..ඔය අතර තුර 2. Current transformer secondary winding කොටස (මෙය ෆෙරයිට් හෝ තඹ කම්බි යොදාගෙන සෑදු රවුම් මුදුවක් වැනි කොටසකි )ඔය හරහා ගමන් කරන L . live conductor සන්නයක කම්බිය තුල N . neutral conductor.සාපෙක්සව වෝල්ටීයතාව 230V යැයි සිතන්න..එසේ ගමන් කරන සන්නායකයේ බාහිරින් හටගන්නා චුම්බක ක්සේත්‍රය මගින් යම් විදුලියක් ප්‍රේරණය වනවා 2. Current transformer secondary winding , 3. Transformer core කොටස් වලට හරි දැන් බලන්න රූපයේ එම සන්නායකයට සමාන්තරව N . neutral conductor.සන්නායකයත් ගමන් කර ඇති බව පෙනෙන්ට ඇත. එම සන්නායකයේ වෝල්ටීයතාව 0V යැයි සිතන්න එනම් උදාසීනයි.මේ හේතුවෙන් L . live conductor සන්නායකයේ චුම්බක ක්සේත්‍රයේ තිව්‍රරතාවය සුන්ය්ය කරනු ලබන නිසාවෙන් 2.3 කොටස් තුල යම් ධාරවක් උත්පාදනය වීම  වලක්වා සිටී..  එම සමපාත තත්වය නිසා ට්‍රිප් ස්විචය සාමාන්ය තත්වයෙන් පවතී.යම් හෙයකින් මෙම සමපාත තත්වය බිද වැටුනහොත් ට්‍රිප් ස්විචය ක්‍රියා කරන බව පැහැදිලියි නේද.මම ඔය ඉහත කී ක්‍රියාවලිය මගින් තමා ට්‍රිප් ස්විචය ක්‍රියා කරන්නේ.
            දැන් අපි බලමු මෙය විදුලි පරිපථයක ආරක්ශාව සදහා ක්‍රියා කරන අයුරු සාමාන්යයෙන් නිවසක විදුලි පරිපතයට විදුලිය බෙදාහරිනු ලබන්නේ මෙයින් ස්විචය, ට්‍රිප් ස්විචය හරාහාත් ඉන් පසුව අදාල පරිපථයේ MCB (Miniature Circuit Breaker) හරහා නිවස තුල ඇති උප පරිපථ වෙත විදුලිය බෙදාහරිනු ලබයි.යම් පරිපථයක ඇති ප්ලග් බේසයක විදුලි ස්ත්‍රික්කයක් සවිකොට පාවිච්චියට ගනුලබනවා කියල සිතමු යම් දෝෂයක් නිසා විදුලි කාන්දුවක් සිදුවුවහොත් එම විදුලිය ස්ත්‍රික්කයේ බාහිර ලෝහ ආවරණය වෙත කාන්දු වෙයි.එසේ කාන්දු වුනු විදුලිය ලෝහ ආවරණයේ සිට ප්ලග් බේසයටත් එහි සිට නිසියාකාරව අර්ත් කොට ඇත්දැයි පරික්ෂා කිරීමට මෙතැන බලන්න.එසේ ඇත්නම් අර්ත් කොට ඇති ස්තානය දක්වා ගමන් කොට පොළොව කරා යනුලබයි ඔන්න ඔය අවස්තාවෙදි ට්‍රිප් ස්විචය ක්‍රියා කොට මුලු නිවසේම විදුලිය නවතා දමයි.එසේ වන්නේ මා ඉහතින් කී ට්‍රිප් ස්විචයේ 3. Transformer core කොටස හරහා තිබෙන L . live conductor සහ N . neutral conductor. අතර ඇති සමපාත තත්වය බිද වැටීමෙනි එනම් L . live conductor ලැබෙන විදුලිය බාහිර පරිපථයක් සමග සම්බන්ද වීමෙනි..
     මෙහිදී බාහිර පරිපථයක් යනු ට්‍රිප් ස්විචය හරහා  ඇති L . live conductor අතර  N . neutral conductor. නොමැතිව L . live conductor සහ පොළොව අතර විදුලි පරිපථයක් සාදා ගැනීමයි.(දැනට ඔබ සිහියේ තබා ගන්න N . neutral conductor. සහ පොළොවත් එක හා සමාන බව මෙය පසුව පහදා දෙන්නම්).

 මී ළගට සිතන්න යම් හෙයකින් ඉහත ස්ත්‍රික්කයේ ලෝහ ආවරණය සහ පොළොව අතර ඇති සම්බන්දතාව බිද වැටී තිබුනහොත් යම් ලෝහ ආවරණය අප විසින් ස්පර්ෂ කලහොත් එම කාන්ට්ඩු විදුලිය අප ශරීරය හරහා ගමන් කොට බාහිර පරිපථය සම්පූරණ වීමෙන් ට්‍රිප් ස්විචය ක්‍රියා කොට විදුලිය ඇණ හිටිනු ලබයි.ඔය ක්‍රියාවලිය සිදුවන්නට ගත වන්නේ මිලී තප්පර ගණනක් උවද එය අපේ ශරීරයට වේදනා කාරීව දැනෙනවා.නමුත් පහතින් දක්වා ඇති කාරණා මත එනම් ට්‍රිප් ස්විචය

   1. ක්‍රියාකාරී වන සංවේදීතාව 30mA වඩා වැඩි උවහොත්
   2. ක්‍රියාකාරී ගත වන කාලය වැඩි උවහොත්
   3. ස්විචයේ යාන්ත්‍රික කොටස් වල දුර්වලතාවයන්

      විදුලි සැර වදින පුද්ගලයාගේ ජීවිතයට උවත් හානියක් සිදු වීමට ඉඩ ඇති බව හොදින් මතකයේ තබා ගන්න..ඒ නිසා ඔබේ නිවසේ විදුලි පරිපථයට හොද වර්ගයේ කර්යයක්ෂම ට්‍රිප් ස්විචයක් වගේම නිවසේ ඇති සියලු ප්ලග් බේසයන් මෙන්ම බාවිතයට ගනු ලබන සියලු විදුලි උපකරණයන්ගේ අර්ත් සන්නායකයන් හරිහැටි තිබේදැයි පරික්ෂා කරගන්න..එය ඔබ සැමගේම ආරක්ෂවට මහත් පිටුවහලක් වනු ඇත..
       තවත් මෙවැනි විදුලිය සම්බන්ද කරුනක් සමගින් හමුවෙමු. ඔබගේ අදහස් , මතයන් වගේම මෙහි අපැහැදිලි තැන් කොමෙන්ටුවකින් දන්වන්න...




1 comment:

  1. ඉතාම වැදගත් කාරණාවක් ලියලා තියෙනේ ස්තුතියි

    ReplyDelete

 
Snow-Falling-Effect