01 March, 2013

ට්‍රිප් ස්විචය හොහොමද වැඩ කරන්නේ .....

 මම අද කියලා දෙන්න යන්නේ ට්‍රිප් ස්විචය නැතහොත් RCD (Residual Current Device) කොහොමද වැඩ කරන්නේ සහ එමගින් අපට විදුලි සැර වැදීමකදී ආරක්ෂාව ලබලා දෙන අකාරය ගැන. හ්ම් අපි මුලින්ම බලමු ට්‍රිප් ස්විචයේ ඇතුලත පරිපථ රූප සටහනක් ඒ  පිලිබද ඔබට යම් අවබෝධයක් එමගින් ලබා ගත හැකියි..








 



1. Electromagnet with help electronics
2. Current transformer secondary winding
3. Transformer core
4. Test switch
L . live conductor
N . neutral conductor.


 මුලින්ම මේ පරිපථ රූප සටහන පැහැදිලි කිරිමට ප්‍රතම යමක් කිව යුතුයි.මෙම රූප සටහනේ එක් එක් කොටස් දමා ඔබට පෙන්වා දී ඇත නමුත් මා පැදිලි කිරීමේ පහසුව සදහා අදාල කොටස සහ එහි අනෙකුත් යාන්ත්‍රික කොටස් පිලිබදවද පැහැදිලි කරන්නෙමි..

1. මෙම කොටස මගින් සිදුවනුයේ 2.Current transformer secondary winding මගින් ලබා දෙන විදුලි ධාරව ලබා ගෙන එම ධාරාව ඉලෙක්ට්‍රෝනික පරිපථක්  මගින් වර්දන කොට චුම්බක ශක්තිය උපයෝගී කරගෙන ක්‍රියාකරන ලීවරක් වෙතට ලබා දෙනුලබයි

2,3. මෙම කොටස් මගින් සිදුවනුයේ L . live conductor සහ N . neutral conductor තුලින් ගමන් කරන විදුලි ධාරාවේ සිදුවන වෙනස්කම් හදුනාගෙන එම ධාරාව උපයෝගි කරගෙන  2.Current transformer secondary winding තුල විදුලි ධාරවක්උත්පාදනය කොට 1.Electromagnet with help electronics කොටස වෙත සැපයීම සිදු කරයි.

4. මේමගින් සිදුවන්නේ ට්‍රිප් ස්විචය ක්‍රියාකාරී තත්වයේ තිබේද පිලිබදව අපට තහවුරු කරගැනීමට ඉඩ සලසා දීමයි

                        හ්ම්...එහෙනම් බලමු කොහොමද මේ කොටස් ටික එකතුවෙලා ට්‍රිප් ස්විචය ක්‍රියා කරන්නේ කියල.ඔයාලට පෙනෙනවනේ ඉහල රූපයේ in put පැත්ත ඔන්න ඔය පැත්තෙන් විදුලිය ඇතුල් වෙලා පහළ Load පැත්තෙන් තමා බාවිතයට විදුලිය බෙදහරින්නේ..ඔය අතර තුර 2. Current transformer secondary winding කොටස (මෙය ෆෙරයිට් හෝ තඹ කම්බි යොදාගෙන සෑදු රවුම් මුදුවක් වැනි කොටසකි )ඔය හරහා ගමන් කරන L . live conductor සන්නයක කම්බිය තුල N . neutral conductor.සාපෙක්සව වෝල්ටීයතාව 230V යැයි සිතන්න..එසේ ගමන් කරන සන්නායකයේ බාහිරින් හටගන්නා චුම්බක ක්සේත්‍රය මගින් යම් විදුලියක් ප්‍රේරණය වනවා 2. Current transformer secondary winding , 3. Transformer core කොටස් වලට හරි දැන් බලන්න රූපයේ එම සන්නායකයට සමාන්තරව N . neutral conductor.සන්නායකයත් ගමන් කර ඇති බව පෙනෙන්ට ඇත. එම සන්නායකයේ වෝල්ටීයතාව 0V යැයි සිතන්න එනම් උදාසීනයි.මේ හේතුවෙන් L . live conductor සන්නායකයේ චුම්බක ක්සේත්‍රයේ තිව්‍රරතාවය සුන්ය්ය කරනු ලබන නිසාවෙන් 2.3 කොටස් තුල යම් ධාරවක් උත්පාදනය වීම  වලක්වා සිටී..  එම සමපාත තත්වය නිසා ට්‍රිප් ස්විචය සාමාන්ය තත්වයෙන් පවතී.යම් හෙයකින් මෙම සමපාත තත්වය බිද වැටුනහොත් ට්‍රිප් ස්විචය ක්‍රියා කරන බව පැහැදිලියි නේද.මම ඔය ඉහත කී ක්‍රියාවලිය මගින් තමා ට්‍රිප් ස්විචය ක්‍රියා කරන්නේ.
            දැන් අපි බලමු මෙය විදුලි පරිපථයක ආරක්ශාව සදහා ක්‍රියා කරන අයුරු සාමාන්යයෙන් නිවසක විදුලි පරිපතයට විදුලිය බෙදාහරිනු ලබන්නේ මෙයින් ස්විචය, ට්‍රිප් ස්විචය හරාහාත් ඉන් පසුව අදාල පරිපථයේ MCB (Miniature Circuit Breaker) හරහා නිවස තුල ඇති උප පරිපථ වෙත විදුලිය බෙදාහරිනු ලබයි.යම් පරිපථයක ඇති ප්ලග් බේසයක විදුලි ස්ත්‍රික්කයක් සවිකොට පාවිච්චියට ගනුලබනවා කියල සිතමු යම් දෝෂයක් නිසා විදුලි කාන්දුවක් සිදුවුවහොත් එම විදුලිය ස්ත්‍රික්කයේ බාහිර ලෝහ ආවරණය වෙත කාන්දු වෙයි.එසේ කාන්දු වුනු විදුලිය ලෝහ ආවරණයේ සිට ප්ලග් බේසයටත් එහි සිට නිසියාකාරව අර්ත් කොට ඇත්දැයි පරික්ෂා කිරීමට මෙතැන බලන්න.එසේ ඇත්නම් අර්ත් කොට ඇති ස්තානය දක්වා ගමන් කොට පොළොව කරා යනුලබයි ඔන්න ඔය අවස්තාවෙදි ට්‍රිප් ස්විචය ක්‍රියා කොට මුලු නිවසේම විදුලිය නවතා දමයි.එසේ වන්නේ මා ඉහතින් කී ට්‍රිප් ස්විචයේ 3. Transformer core කොටස හරහා තිබෙන L . live conductor සහ N . neutral conductor. අතර ඇති සමපාත තත්වය බිද වැටීමෙනි එනම් L . live conductor ලැබෙන විදුලිය බාහිර පරිපථයක් සමග සම්බන්ද වීමෙනි..
     මෙහිදී බාහිර පරිපථයක් යනු ට්‍රිප් ස්විචය හරහා  ඇති L . live conductor අතර  N . neutral conductor. නොමැතිව L . live conductor සහ පොළොව අතර විදුලි පරිපථයක් සාදා ගැනීමයි.(දැනට ඔබ සිහියේ තබා ගන්න N . neutral conductor. සහ පොළොවත් එක හා සමාන බව මෙය පසුව පහදා දෙන්නම්).

 මී ළගට සිතන්න යම් හෙයකින් ඉහත ස්ත්‍රික්කයේ ලෝහ ආවරණය සහ පොළොව අතර ඇති සම්බන්දතාව බිද වැටී තිබුනහොත් යම් ලෝහ ආවරණය අප විසින් ස්පර්ෂ කලහොත් එම කාන්ට්ඩු විදුලිය අප ශරීරය හරහා ගමන් කොට බාහිර පරිපථය සම්පූරණ වීමෙන් ට්‍රිප් ස්විචය ක්‍රියා කොට විදුලිය ඇණ හිටිනු ලබයි.ඔය ක්‍රියාවලිය සිදුවන්නට ගත වන්නේ මිලී තප්පර ගණනක් උවද එය අපේ ශරීරයට වේදනා කාරීව දැනෙනවා.නමුත් පහතින් දක්වා ඇති කාරණා මත එනම් ට්‍රිප් ස්විචය

   1. ක්‍රියාකාරී වන සංවේදීතාව 30mA වඩා වැඩි උවහොත්
   2. ක්‍රියාකාරී ගත වන කාලය වැඩි උවහොත්
   3. ස්විචයේ යාන්ත්‍රික කොටස් වල දුර්වලතාවයන්

      විදුලි සැර වදින පුද්ගලයාගේ ජීවිතයට උවත් හානියක් සිදු වීමට ඉඩ ඇති බව හොදින් මතකයේ තබා ගන්න..ඒ නිසා ඔබේ නිවසේ විදුලි පරිපථයට හොද වර්ගයේ කර්යයක්ෂම ට්‍රිප් ස්විචයක් වගේම නිවසේ ඇති සියලු ප්ලග් බේසයන් මෙන්ම බාවිතයට ගනු ලබන සියලු විදුලි උපකරණයන්ගේ අර්ත් සන්නායකයන් හරිහැටි තිබේදැයි පරික්ෂා කරගන්න..එය ඔබ සැමගේම ආරක්ෂවට මහත් පිටුවහලක් වනු ඇත..
       තවත් මෙවැනි විදුලිය සම්බන්ද කරුනක් සමගින් හමුවෙමු. ඔබගේ අදහස් , මතයන් වගේම මෙහි අපැහැදිලි තැන් කොමෙන්ටුවකින් දන්වන්න...




25 February, 2013

ඔයාගේ ගෙදර ප්ලග් ස්විචය හරියට තියනවද බලමුද..

ඔයලගේ ගෙදර පවිචිකරන කොම් එක වගේම අනෙක් විදුලි උපකරනත් සම්බන්ද කරන ප්ලග් එකේ අර්ත් එක හරියට  අර්ත් වෙලා තිබුනේ නැත්නම් ගොඩාක් ලොකු වරදක් බව ඔයාල දන්නවද..ඒ නිසා ඔයලාට වගේම ගෙදර අනෙක් අයටත් මරනය පවා සිදුවන්න ගත්වන්නේ සුලු වෙලාවක් බව ඔයාලා මොහතකට හරි සිතුවද..ඒ නිසා මොනවටත් කලියෙන් අර්ත් එක හොදට ප්ලග් එකට සම්බන්ද වෙල තියනවද කියලා බලමුද..මෙන්න මේ පහල රූප සටහනේ තියන විදියට පොඩි ගැජට් එකක් තියනවා හදා ගන්නකෝ
උවමනා වෙන්නේ මෙන්න මේ ටික

ඔය ගැජෙට් ටික මෙ පහල තියන පික් එකේ විදියට අමුනගන්න..පික් එක පොඩ්ඩක් අවුල් ගනන් ගන්න එපා.. වරදන්න එපා එකේ plug top එක වයර් කරන විදිය නම් කරලා තියන විදියට අමුණ ගන්න..

ඔන්න දැන් වැඩේ ඉවරයි ටෙස්ට් එක කරන්න විතරයි ඉතුරු වෙලා තියෙන්නේ, හරි දැන් ඔය හදාගත්තු ගැජට් එක අරගෙන ඔයාලගේ ගෙදර තියන හැම ප්ලග් එකකටම ප්ලග් කරලා  ස්විච් එක ඔන් කරන්න..ප්ලුග් එකේ අර්ත් එක හොදට තියනවනම් ගෙදර සවි කරලා තියන ස්විච් එකත් හොදනම් ට්‍රිප් ස්විචය ඕෆ් වෙන්න ඕන..එහෙම වෙන්නේ නැතිනම් ප්ලග් එකේ අර්ත් එක හරියට වැඩ කරන්නේ නැහැ ඔයාට දෝශය හොයලා හදාගන්න පුලුවන්නම් වැඩෙට අත ගහන්න..නැතිනම් දන්න කෙනෙකුට කියල වරද නිවැරදි කරගන්න...මේ වැඩෙන් ඔයාටත් මුලු ගෙදරම අයගේ ආරක්ශාවටත් වැදගත් වේ කියල මම හිතනව..ඔයාලට මොනව හරි ප්‍රස්නයක් තියෙනම් මට කියන්න දන්න තරමින් කියල දෙන්නම් ඔන්න මම ගියා...

19 February, 2013

ඔයාලගේ අඩවියටත් සිංහළ යතුරු පුවරුවක්

මෙන්න අද බ්ලොග් සහ වෙබ් සයිට් කරන අයට ගොඩක් වැදගත් කියලා හිතෙන යමක් අරගෙන ආවා..ඔයාලගේ සයිට් එකට එන විසිටර්ලට එයලගේ කොමෙන්ට්ස් ඉදිරිපත් කරන පහසුකම සලසලා දීලා තියනව නේද..නමුත් එයාලට සින්හලෙන් කොමෙන්ට් එක ලියන්න පහසුකම ඔයාලා ලබා දී තිබෙනවද..සින්හල ටයිප් කරන්න එයාලට පහසුකම් අපි ලබා දුන්නොත් හොදා නේද...

එහෙනම් අපි සයිට් එකට සින්හල කී බෝර්ඩ් ගැජට් එකක් දාමුද?.එහෙනම් මෙන්න මේ පහල තියන කෝර්ඩ් ටික මෙන්න මේ කියන පිලිවෙලට බ්ලොග් එකට දාගන්න..Layout----Add a gadget
ගිහිල්ලා HTML/JavaScript තුල පහල තිබෙන කොර්ඩ් දමාගෙන save කරගන්න..



 1
 2
 3
 4
 5
 6
 7
 8
 9
10
11
12
13
14
15
16
17
18
19
<script src="http://ajax.googleapis.com/ajax/libs/jquery/1.7.1/jquery.min.js"></script>
<script type="text/javascript" src="http://jqueryjs.googlecode.com/files/jquery-1.3.2.js"></script>
<script type="text/javascript">
$(document).ready(function(){
 $("#click2").click(function(){
  $(".panel").toggle("fast");
  $(this).toggleClass("active");
  return false;
 });
});
</script>
<link rel="stylesheet" href="http://stecnicsl.com/img/style.css" type="text/css" media="screen"/>
<script type="text/javascript" src="https://ajax.googleapis.com/ajax/libs/jquery/1.7/jquery.min.js"></script>
<script type="text/javascript" src="https://ajax.googleapis.com/ajax/libs/swfobject/2.2/swfobject.js"></script>
<div class="panel">
<div style="clear:both;"></div>
<iframe src="http://stecnicsl.com/img/sinhalakeyboard" height="450" width="700" scrolling=no frameborder="0"></iframe>
</div>
<a href="#" id="click2">Click Here</a>  

ඔයාලා යතුරු පුවරුව යොදා ගන්නෙ වෙබ් අඩවියකටනම් පහත දක්වල තියන පිලිවෙලට කෝඩ් දාමාගන්න.


1
<html>...to...</html>



 1
 2
 3
 4
 5
 6
 7
 8
 9
10
11
12
13
14
<script src="http://ajax.googleapis.com/ajax/libs/jquery/1.7.1/jquery.min.js"></script>
<script type="text/javascript" src="http://jqueryjs.googlecode.com/files/jquery-1.3.2.js"></script>
<script type="text/javascript">
$(document).ready(function(){
 $("#click2").click(function(){
  $(".panel").toggle("fast");
  $(this).toggleClass("active");
  return false;
 });
});
</script>
<link rel="stylesheet" href="http://stecnicsl.com/img/style.css" type="text/css" media="screen"/>
<script type="text/javascript" src="https://ajax.googleapis.com/ajax/libs/jquery/1.7/jquery.min.js"></script>
<script type="text/javascript" src="https://ajax.googleapis.com/ajax/libs/swfobject/2.2/swfobject.js"></script>

ඊට පසුව


1
<body>....to ....</body>



1
2
3
4
5
<div class="panel">
<div style="clear:both;"></div>
<iframe src="http://stecnicsl.com/img/sinhalakeyboard" height="450" width="700" scrolling=no frameborder="0"></iframe>
</div>
<a href="#" id="click2">Click Here</a>


දාගන්නකෝ.නමුත් ඔයාලට මේ යතුරු පුවරුව පාවිච්චියට ගන්න නම් තාම සූදානම් නැහැ. ඒ සදහා ඔයාලා ඔය ඉහල තියන Contact me පොරමය නිවැරදිව පුරවලා මට ලැබෙන්නට සලස්ස වන්න.යතුරු පුවරුව බාවිතයට සුදුසු බව දන්වා e-mail පණිවිඩයක් මගින් තහවුරු කල පසුව බාවිතයට ගන්න..හැබැයි ඔන්න ඔය කීව ටික හරියට කරන්නේ නැතුව යතුරු පුවරුව වැඩ කරන්නේ නැහැ කියල මට දොස් කියන්න නම් එපා..එහෙනම් ඔන්න මම යනවා.වැඩේ හොදනම් ඔයාලගේ ලයික් එකක් දලා මටත් සහයෝගයක් දෙන්නකෝ..

03 February, 2013

65වන නිදහස් දිනය අද..

65වන නිදහස් දිනය අද..නිදහස ලබා වසර 65 ලබන අප නිදහස් නිවහල් දේශයක මතුවටත් නිදහසේ ජීවත් වීමට වාසනාව ශ්‍රි ලාන්කීය  වරම් ලැබේවා....

 
Snow-Falling-Effect